Saturday, January 21, 2012

මන්තර, වශී, දේව බලය, අන්ජනම් බොරුවක් මෙන්න අභියෝගය


මේ Blog 1 ලියන්න ඕන කියල මට හිතුනේ "මා කල  ගවේෂණ" කියල ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් ලියපු පොත කියෙව්වාට පස්සේ .

මං මේක ලියන්නේ කිසිම ආගමකට අපහාස කරන්න හිතාගෙනම් නෙමෙයි. අන්ධ විශ්වාස පස්සේ ගිහින් අමාරුවේ වැටෙන අයට ඇත්ත තත්වය කියල දෙන්න හිතාගෙන. කියවල බලල ඔයාලම තීරණය කරන්නකෝ හරි දේ මොකක්ද කියලා.

යකුන්, ප්‍රේතයන්, දෙවියන්, මලගිය ආත්ම වල බලයෙන් ශාස්ත්‍ර කියනවා කියලා කියාගන්න අය, දේව අනුහසින් ලෙඩ සුව කරනවා කියන අය, මන්තර බලයෙන් වශී කරන අය, දෙවියන් වහන්සේගේ බලයෙන් ලෙඩ සුව කරනවා කියන පූජකවරුන් ඕන තරම් ලංකාවේ ඉන්නවනේ. ඒ වගේම ඒවා පස්සේ වැටීගෙන ඉන්න අයත් ඕන තරම් ඉන්නවනේ. ඉතින් මේ වගේ අයට අභියෝගයක් තියෙනවා, මං ඉස්සෙල්ල කියපු පොතේ 7වැනි පරිචේදයේ 83වැනි පිටුවේ.ඒ අභියෝගය තමයි,

"කොළඹ 6, පාමංකඩ පටුමගේ, 'තිරුවල්ලා' නිවසේ පදිංචි  ඒබ්‍රහම් ටී. කොවුර් වන මම තමා සතුව යම් ගුප්ත හෝ අද්භූත බලයක් ඇතයි කියන ලෝකයේ ඕනෑම  අයකු එකී බලයන් සැබවින්ම පෙන්නුම් කලොත් ඔහුට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් දීමට සුදානම් බව මෙයින් ප්‍රකාශ කර සිටිමි. මෙම ත්‍යාග දීමනාව මෙවැනි බලයක් ඇති අයකු හමුවන තෙක් හෝ මගේ මරණය තෙක් විවෘතව පවතී.

දේව පුත්‍රයන්,ශුද්ධවන්තයන්, ස්වාමිජීවරුන්, යෝගීන්, මෙන්ම අන් ඕනෙම කෙනෙකු තමා සතුව ඇතැයි කියන  දේව බලයෙන් හෝ මානසික ශක්තින්  මගින්  හෝ පහත දැක්වෙන අද්භූත ජනක දේවලින් එකක් කර පෙන්නුවොත් මේ ත්‍යාගය ලැබිය හැකිය.


1.  සීල් තබා ඇති කවරයක් තුල තිබෙන මුදල් නෝට්ටුවක අංකය කීම .
2.  මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම.
3.  නොපිලිස්සී තත්පර 30ක්  ගිනි මත හිට්ගෙන සිටීම.
4.  මා ඉල්ලන දෙයක් මවා පෙන්වීම.
5.  භෞතික වස්තුවක් මානසික බලයෙන් චලනය කිරීම හෝ මැදින්  නැවීම.
6.  පර චිත්ත විජානන බලයෙන් අනෙකකුගේ සිතිවිලි දැන ගැනීම.
7.  යාඥා, අධ්‍යායත්මක බලය, ලුර්දු ජලය, දේවාශිර්වාද, ශුද්ධ වූ  
අළුආදීක්‍රමයක්මගින් සැත්කමකදී කපා වෙන් කල අතක් හෝ කකුලක් අගලකින් හෝ දික් කරවීම. 
8.  යෝග බලයෙන් අහසේ පාවීම.
9.  යෝග බලයෙන් හෘද ස්පන්දනය මිනිත්තු 5 කට නැවැත්විම.
10.  දිය මත ඇවිදීම.
11.  එකවර දෙපොලක පෙනී සිටිම.
12.  යෝග බලයෙන් හුස්ම ගැනීම විනාඩි 5 කට නැවැත්විම.
13.  භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම
14.  භූතාවේශයක් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කථා කිරීමට හැකියාව  ලබා ගැනීම.
15.  ඡායාරූපයකට නංවීම පිණිස භූතයකු හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම 
16.  ඡායාරූපයකින් අතුරුදහන් වීම.
17.  යතුරු දමා ඇති කාමරයකින් පිටවීම
18.  ද්‍රව්‍යක බර වැඩි කිරීම .
19.  සැගවූ දෙයක් සොයා ගැනීම.
20.  ජලය පැට්‍රොල් හෝ වයින් බවට පත් කිරීම.
21.  වයින් රුධිරය බවට පත් කිරීම.
22.  දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි  නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
       (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

යාලුවනේ මට නම්  තෑගි දෙන්න වත්කමක් නෑ. තාම දුප්පත්නේ. හැබැයි මට විශ්වාසෙන් කියන්න පුළුවන් කිසිම ගුප්ත හෝ දේව බලයකින් මේවා කරන්න බෑ කියල. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අභියෝගේ බාරගන්න. එහෙම අය මෙතන Comment ක් විදිහට අභියෝගේ භාර ගත්ත බව දල යන්න. ඔයාලව contact  කර ගන්න විදිහකුත් කියන්න. නැත්තන් මට mail කරන්න vdartsstudio@gmail.com. මට  විශ්වාසයි ඔය බොරු කාරයෝ කවුරුත් මේක බාර ගන්නේ නෑ.  

 
       
 

20 comments:

Anonymous said...

මම ගොඩක් ගරු කරනවා යාළුවගේ අදහසට. නමුත් මගේ අදහස නම් මීට වඩා ටිකක් වෙනස්. මම එහෙම කියන්න හේතුවත් කියන්නම්. අපි හැමෝටම හැමදේම කරන්න බැහැ. අපි එක එක කෙනාට කරන්න පුළුවන් දේවල් වෙනස්. මම කියන්නේ නැහැ මේ හැමදේම මේ ආකාරයෙන්ම කරන්න පුළුවන් කියලා. නමුත් කෙනෙක්ට යම්තාක් දුරට මේ දේවල් කරන්න පුළුවන්. හැමදේමත් නෙමේ. යම් යම් දේවල් පමණක්. මම බෞද්ධයෙක් යාළුවා. මම විස්වාස කරනවා හිත දියුනු කරගන්න පුළුවන් කෙනෙක්ට මේ දේවල් වලින් සමහර දේවල් කරන්න පුළුවන් කියල. ඒ වගේම පෙර පින් තියෙන අයටත් යම් යම් දේ කරන්න පුළුවන් කියල මම විස්වාස කරනවා. යාළුවා අහල තියෙනවද අදුන බලනවා කියල දෙයක්. යම් දුරකට අදුන බලන්න මට පුළුවන්. මම කියයන්නේ නැහැ මම පින් කල නිසා මට මේ දේ ලැබුන කියල. ඇත්තටම ලැබුනේ කොහොමද කියන්න මම දන්නේ නැහැ යාළුවා. අදුන පෙනෙනවා කියල හැමදේම බලන්නත් මට බැහැ. නමුත් දියුනු කරගන්න පුළුවන් කියල මට තේරෙනවා. ඒ නිසා යාළුවගේ අදහසට වඩා මගේ අදහස වෙනස්. මට සමාවෙන්න මෙතන මට ගොඩක් දේ කියන්න පුළුවන් කමක් නැහැ. මේ දේවල් අපිට අපේ අතීතයෙන් උරුම උන දේවල්. නමුත් දැන් මේ දේවල් සමාජයේ විකිනෙන දේවල් වෙලා. මට මේ දේ පුළුවන් කියල දේවාලයක් දාගෙන සාත්තර කියන්න කිසිම කැමැත්තක් නැහැ. ඒ වගේම මේ දේවල් තවමත් තියෙනවා කියල ඔප්පු කරන්න ඕනෙ කියල මම හිතන්නේ නැහැ. අදටත් මේ සමාජයේ ඉන්නවා යම් යම් දේ කරන්න පුළුවන් අය. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් ලියපු පොත මමත් කියවල තියෙනවා. ඕනෙම කෙනෙට කැමති අදහසක් දරන්න පුළුවන්. මම ඒ හැම කෙනාගේම අදහස් වලට ගරු කරනවා.

Naveen Chamikara (නවීන් චාමිකර) said...

බොහෝම ස්තුතියි ඔයගෙ අදහසට. ඔයා කැමතිනම් මම කමතියි ඔයව හමුවෙලා කතා කරන්න. මන් ගොඩක් මේ දේ ගැන හෙවුවා. එත් මට අන්තිමට හොයා ගන්න පුලුවන් වුන එකම දේ තමයි එයාලා කරන්නේ බොරුවක් කියන එක. ඔයා කැමතිනම් මට ඔයව සම්බන්ධ කර ගන්න පුලුවන් ක්‍රමයක් කියනවද යලුවා.

fasdf said...

niyamai machan. math ubath ekka innawa. api me boruwa gena hoyamu

Anonymous said...

ඔයා එහෙම හිතන එකේ වරදක් නැහැ යාළුවා. මොකද මමත් පළිගන්නවා බහුතරයක් අය කරන්නේ බොරු කියල. නමුත් මම මේ දේ කියන්නේ මගේ ඇසට යම් යම් දේ පෙනෙන නිසා. නැත්නම් මට මෙහෙම ඇවිත් ඔයාලට බොරු කියල ලබාගන්න දෙයක් නැහැනේ. මම ගොඩක් කාර්ය බහුල කෙනෙක්. මගේ job post එක software engineer. මම මේ පොස්ට් එකට ආවේ අහම්බෙන්. මට සමාවෙන්න. දැනටමත් මේ නිසා ගැටළු කීපයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමා Anonymous වලින් ඇවිත් comment කරන්නේ. මේ වගේ post මම ගොඩක් දැක්ක. ඒත් comment කරන්න වත් හිතුනේ නැහැ. මම කවදාවත් කියන්නේ නැහැ මට අසාමාන්‍ය දේවල් කරන්න පුළුවන් කියල. මමත් මේ දේ ගැන තවම කරුණු හොයමින් ඉන්නේ. මම හිතන්නේ මේ වගේ දේවල් විද්‍යාත්මක හේතු නිසා වෙන දේවල් කියල. අපේ ඇසට නොපෙනෙන කනට නැසෙන සමහර දේ සමහර සතුන්ට පෙනෙනවා ඇහෙනවා කියල මම අහල තියෙනවා. අපිට නොපෙනෙන දේවල් මේ ලෝකේ ඇති. ඒත් අපිට පෙනෙන ඇසෙන පරාසයේ නමේ ඒ දේවල් ඇත්තේ. මම හිතන්නේ අසාමාන්‍ය පිහිටීමක් නිසා මෙහෙම වෙන්න ඇති කියල. මමත් මේ ගැන තවම කරුණු හොයනවා යාළුවා. ඔය වගේම මමත් මේ දේවල් විස්වාස කල කෙනෙක් නෙමේ. ඒත් මට ඒ දේවල් තරමකට විස්වාස කරන්න වෙන තත්වෙකට ඇවිත් තියෙන්නේ. මම ගොඩක් පැහැදිලිව කියන්නේ යාළුවා මේක මට තියෙන බලයක් නෙමේ. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් අභියෝගය නම් මට බාරගන්න බැහැ. ඒත් යම් දුරකට 1, 6, 19, 22 දේවල් තවත් පුරුදු පුහුණු වුනොත් කරන්න බැරි කමක් නැහැ කියල මම හිතනවා. යාලුවට වගේ හැමෝටම කියන්න තියෙන්නේ දේවල වල නම් කරන්නේ බොරුවක් කියල. යම් දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම අය ඔය වගේ වැඩ කරන්නේ නැහැ. මට නම් දේව බලයක් වත් අමනුස්ස බලයක් වත් ඇත්තේ නැහැ. ඒ වගේම ඇසට පෙනෙන දේ කියනවා හැර කිසිම දෙයක් කරන්න මට පුළුවන් කමක් නැහැ යාළුවා.

Naveen Chamikara (නවීන් චාමිකර) said...

බොහෝම ස්තුතියි යාළුවා ඔයාගේ අදහසට. මම හිතනවා ඔයාගේ හකියාව තව දුරටත් දියුණු කර ගන්න පුලුවන් වෙයි කියලා. සුභ පැතුම් යාළුවා.

Anonymous said...

අපරාදේ... මේ පොස්ට් එක මම දැක්කේ අද. මමත් මේ පිළිබඳව ගොඩක් හොයන කෙනෙක් සහ තව දැනගන්න කැමති කෙනෙක්. මට හැකියාවන් නැති නමුත් මේ සම්බන්ද අත්දැකීම් තියෙනෙව. මේ ගැන තවත් ලියන්න. මමත් මේ ගැන හොයල ලියන්න හිතන ඉන්නේ. ජය වේවා.

Anonymous said...

කොවුර් ගේ පොතක් එහෙම්ම කොපි කරල නේද?

Anonymous said...

දිය මත ඇවිදීන මැජික් දන්න කෙනෙක් ඇමරිකාවේ ඉන්නවා නේද යාලුවා

Shakila Praveen Rathnayake said...

මට පුලුවන් 1 X ray වලින්
2 ප්‍රින්ට් කරලා
3 තාප පරිවාරක සහිත සපත්තු දාලා
4 Google වල Search කරන්න
5 කිසිම භෞතික බලයක් නොමැති තැනක් හදලා දෙන්න මම කරන්නම්
6 සයන්වාදය, මෝහනය, අපරාද මනෝවිද්‍යාව ඹස්සේ හො මොලයේ හා ශරීරයේ විවිධ තැන්වල උත්තේජයන් ඹස්සේ කරනවා
11 රෑපවාහිනිය
13 මනස ව්‍යාකූල බව මගහැරීමට
15 රාත්‍රියේ පොල්තෙල් පහනක් දල්වා
pixel8-12 අතර කැමරාවකින් ගැනීම
16 Photoshop
17 වහලෙ උලු ගලවනවා
18 උඩින් මොනවාහරි තියන්න
19 කට උත්තර හා සාක්ෂි
20 ජලයට මිදි දමා පල් කිරීම
අයියා මොකෝ කරල පෙන්නන්න ද?
ලක්ෂයක් එපා දාහක් ඇති 066 22 84 818
මම භෞතික වාදියෙක් කමක් නෑ නේ

නෝටිගෙ මතක said...

අදටත් කවුරුවත් මේකට එන්නේ නෑ,ආවොත් ඇණ ගන්න වෙන බව දන්නව

Anonymous said...

https://www.facebook.com/groups/321407341332387/

Anonymous said...

https://www.facebook.com/groups/321407341332387/

Unknown said...

ඇත්තටම මන්තර, වශී, දේව බලය, අන්ජනම් බොරුවක් කියල නම් මම පිලි ගන්නවා. හැබයි පිටසක්වළ ජීවින් හා මන්තර, වශී, දේව බලය, අන්ජනම් බොරුවක් අතර සම්බන්ධයක් තිබේදැයි සැකයක් තියෙනවා. හැමයි මන්තර, වශී, දේව බලය, අන්ජනම් බොරුවක්. මිත්‍යයාවක් විතරයි. ඒ විතරක් නෙමේ දෙවියන්ට පවා මා නම් අශියොග කරා තියෙනවා. දෙවියෝ කියන්නෙත් අපි වගේම පිටසක්වල ජීවින්. ගැටලුව තමයි ඒ කාලේ නොදියුනු සමාජය විසින් මේ හැම දෙයක්ම දේවත්වයෙන් සැලකීම. එකෙ ප්‍රතිඵලය තමයි ඔය කියන අත්භූත බල වේග. මොකද්ද ඇත්ත????????????

ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

Anonymous said...

සහෝ මෙන්න මේ බ්ලොග් එකට ගිහින් ටිකක් බලල එන්න.
…https://sandaruwn.blogspot.com

Sira San said...

කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

https://www.facebook.com/JyotishLanka

Unknown said...

අදුන sathyai.

Hiththatiyyage kasun said...

6 karala pennanna lakshaya denawada

ՏհҽվղՀ× íղϲ said...

උබේ අම්මට හුකල
පෙන්නද

ՏհҽվղՀ× íղϲ said...

දන්න හුත්තක් කියවපං බං නොදන්න හුත්තවල් බ්ලොග් වල
දාල පොර වෙන්න යන් නැතුව ...... උබෙ අම්මට හුකල පෙන්නුවොත් මොකද කියන්නෙ පකො

හුකල හුකල ඒ බල්ල පයිය එලියට ගත්‍ත අද
තෝ වගෙ පකෙක් නෑ නෙ බං

Anonymous said...

ඔබතුමාගේ අභියෝගය මම භාර ගන්න කැමතියි. තෑගි බෝග උවමනා නෑ.. සම්බන්ද කර ගන්න හැකි ක්‍රමයක් කියන්න.