ආදරියේ ,
මං මේ post 1 දාන්නේ ඔයා වෙනුවෙන්මයි. ඔයා ඒක දන්නවා නේද මගේ වස්තුවේ. ඔයාගේ ආදරය හැමදාමත් මට ලොකු ශක්තියක් උනා. හැමදාම තනිකඩව ඉන්න හිතපු මට ඔයා නිසා අලුත් බලාපොරොත්තු ඇති උනා. ඔයා මගේ ජීවිතයට ඇවිත් මගේ තනිකම නැති කළා . ගොඩක් නරක වැඩ කරපු මාව ඒවායින් ගලව ගත්තා. ඔයාට ගොඩාක් ස්තුතියි මේ කරන හැම දෙයකටම.
මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරය කවදාවත් අඩු වෙන්නේ නෑ කියලා මම මේ බ්ලොග් 1 කියවන හැම දෙනාටම පොරොන්දු වෙනවා. ඇත්තටම ඔයා මුළු ජීවිතෙම මං වෙනුවෙන් කැප කළා, එත් මං ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරේ නෑ නේද. අනේ මට ගොඩක් සමාවෙන්න වස්තුවේ.
මං දන්නවා ඔයා කවදාවත් මාව තනි කරන්නේ නෑ. ඔයා කවද හරි එහෙම කලොත් මගේ තීරණය මොකක්ද කියල ඔයා දන්නවා නේද. රත්තරං ඔයාට මාව ඕන කරන හැම වෙලාවකම මං ඔයත් එක්ක ඉන්නවා. කවදාවත් ඔයාව තනි කරන්නේ නෑ මගේ මරණය වෙනකම්. ඉතින් මැණික මං නවතිනවා මේකට පිළිතුරු ලිපියක් එවන්න. මං බලාගෙන ඉන්නවා ඔයා මට ලියනකම්. ගොඩාක් ආදරෙයි වස්තුවේ ඔයාට.
මේ,
ඔයාගෙම,
අදරය
No comments:
Post a Comment