Saturday, February 4, 2012

64 වන ජාතික නිදහස් උළෙල

64 වන ජාතික නිදහස් උළෙලට සමගාමීව දකුණු පළාත් සැමරුම් උත්සවය අද(04) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා. මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතායි.




පාසල් තූර්ය වාදක කණ්ඩායම් වලින් උත්සවය අලංකාරවත් වුනා






















සම්භාවනීය අමුත්තන් විසින් බැලූන් ගුවනට මුදා හැරියේ මෙසේයි




Monday, January 23, 2012

අකලට වියෝ වූ මිහිඳු මල් කැකුළ...............

මියගිය අනුෂ්ක

                                                              අද උදැසන මහින්ද විද්‍යාලයේ සිසුවෙක් ගෙල වැල ලාගෙන මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ අනුෂ්ක මදුෂාන් නමැති 13 වසර විද්‍යා අංශයේ ඉගනනුම ලබන  සිසුවෙක්. ඇඹිලිපිටියේ පදිංචි මෙම සිසුවා  සියදිවි හානි කරගෙන තිබෙන්නේ මහින්ද විද්‍යාලය ඉදිරිපිට වූ තම බෝඩිම තුලදීය. මේ සඳහා ඇද ඇතිරිල්ලක් භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.
                                                               තම යහළුවන් සමග පාසල් යාමට සුදානම් වූ මොහු, තමන් පසුව එන බව පවසා යහළුවන් පිටත් කර යවා තිබෙනවා. කෙසේ නමුත් ඔහු පාසල් නොපැමිණි නිසා උදැසන 8:10ට පමණ අදාල යහළුවන් මොහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ තමාට නිදිමත බවත් ඒ නිසා නිදා ගන්නා බවත්ය.
                                                                ඉන් පසු උදැසන 9:00 ට පමණ නිවාසාන්තර තරග පුහුණුවීම් කටයුතු සදහා  පිටත්ව යන අතර යහළුවන් ඔහු බැලීම සදහා මෙම නිවසට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ මොහුට කතා කල නමුත් ප්‍රතිචාරයක් නොමැති නිසා යහළුවන් කාමරයේ කවුළුවකින් විපරම් කර ඇති අතර, ඒ අවස්ථාවෙයි මෙම සිදුවීම ඔවුන්දැක තිබෙන්නේ.
                                                                 වහාම ක්‍රියාත්මක වූ සිසුන් මොහුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියත් ඒ වන විටත් මොහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ
                                                                 මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සියදිවි හානි කර ගැනීමට තරම් හේතුවක් ඔහුට නොතිබූ බවයි සමීප මිතුරන් පවසන්නේ. මරණය පිලිබදව පරේෂණ පවත්වන පොලීසිය මේ වන විටත් කිහිප දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.
                                                                 විදුහලේ දීප්තිමත් සිසුවකු වන මියගිය අනුෂ්ක මදුෂාන් විදුහල් පාපන්දු කණ්ඩායමේ මෙන්ම ජනමාධ්‍ය කවයේද සාමාජිකයෙකි.


                                  අකලට වියෝ වූ මිහිඳු මල්  කැකුළට නිවන් සුව පතමු !


මෙම සිද්ධිය ස්වර්ණවාහිනිය මෙසේ වාර්ථා කලා Live@12 23/01/2012


අනුශ්කගේ FB Page 1

Sunday, January 22, 2012

ආදරියේ



ආදරියේ ,
              මං මේ post 1 දාන්නේ ඔයා වෙනුවෙන්මයි. ඔයා ඒක දන්නවා නේද මගේ වස්තුවේ. ඔයාගේ ආදරය හැමදාමත් මට ලොකු ශක්තියක් උනා. හැමදාම තනිකඩව ඉන්න හිතපු මට ඔයා නිසා අලුත් බලාපොරොත්තු ඇති උනා. ඔයා මගේ ජීවිතයට ඇවිත් මගේ තනිකම නැති  කළා . ගොඩක් නරක වැඩ කරපු මාව ඒවායින් ගලව ගත්තා. ඔයාට ගොඩාක් ස්තුතියි මේ කරන හැම දෙයකටම.
            මගේ හිතේ ඔයා  ගැන තියෙන ආදරය  කවදාවත් අඩු වෙන්නේ නෑ කියලා මම මේ බ්ලොග් 1 කියවන හැම දෙනාටම පොරොන්දු වෙනවා. ඇත්තටම ඔයා මුළු ජීවිතෙම මං වෙනුවෙන් කැප කළා, එත් මං ඔයා  වෙනුවෙන් කිසිම දෙයක් කරේ නෑ නේද. අනේ මට ගොඩක් සමාවෙන්න වස්තුවේ.
          මං දන්නවා ඔයා කවදාවත් මාව තනි කරන්නේ නෑ. ඔයා කවද හරි එහෙම කලොත් මගේ තීරණය මොකක්ද කියල ඔයා දන්නවා නේද. රත්තරං  ඔයාට මාව ඕන කරන හැම වෙලාවකම මං ඔයත් එක්ක ඉන්නවා. කවදාවත් ඔයාව තනි කරන්නේ නෑ මගේ මරණය වෙනකම්. ඉතින් මැණික මං නවතිනවා මේකට පිළිතුරු ලිපියක් එවන්න. මං බලාගෙන ඉන්නවා ඔයා මට ලියනකම්. ගොඩාක් ආදරෙයි වස්තුවේ ඔයාට.
                                                                                                           මේ,
                                                                                                           ඔයාගෙම,
                                                                                                           අදරය




Saturday, January 21, 2012

FREE Shopping කරන්න මරු Pot 1ක්


ඔන්න මං ඔයාලට නොමිලේ බඩු ගන්න පුළුවන් කඩයක් අරගෙන අවා. ගොඩක් සයිට් වල  නොමිලේ කියුවට  පස්සේ සල්ලි ඉල්ලනවනේ. මේකනම් ඇත්තටම  නොමිලේ.

කරන්න තියෙන දේත් ගොඩක් සරලයි ,

මුලින්ම Sign Up වෙලා ඉන්නකෝ (මෙන්න Link 1)

ඊට පස්සේ E-mail එක ට ගිහින් Account එක Confirm කරන්න ඕන. එතකොට points 600ක් FREE  හම්බෙනවා (මේක ඩොලර් 60කට සමානයි)

ඊට පස්සේ මේ ලින්ක් එකෙන් තව Points ගන්න පුළුවන්

Get Credits ගිහින් තව Points එකතු කර ගන්නත් පුළුවන්

මේකෙ Points වැඩි කරගන්න ඕන්නම් ඔයාලගෙ යාලුවන්ට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න Refer කරන්න. ඒකෙන් රෙජිස්ටර් වුන ගමන්ම Point 100ක් එකතු වෙනවා.
 දැන් ඔයාට ඕන බඩු e-Bay එකේදී වගේ Order කරලා ගෙන්න ගන්න පුළුවන් ගෙවන්න ඕන ඔයා එකතු කරපු Points වලින්. Free දෙන නිසාද මන්දා ටිකක් කල් බලන් ඉන්නනම් වෙනවා. ඒ උනාට නිකන් දෙන දේනේ කියල ටිකක් ඉවසුවට පාඩුවක් නෑ.
ඔන්න මං ගියා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ

මන්තර, වශී, දේව බලය, අන්ජනම් බොරුවක් මෙන්න අභියෝගය


මේ Blog 1 ලියන්න ඕන කියල මට හිතුනේ "මා කල  ගවේෂණ" කියල ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් ලියපු පොත කියෙව්වාට පස්සේ .

මං මේක ලියන්නේ කිසිම ආගමකට අපහාස කරන්න හිතාගෙනම් නෙමෙයි. අන්ධ විශ්වාස පස්සේ ගිහින් අමාරුවේ වැටෙන අයට ඇත්ත තත්වය කියල දෙන්න හිතාගෙන. කියවල බලල ඔයාලම තීරණය කරන්නකෝ හරි දේ මොකක්ද කියලා.

යකුන්, ප්‍රේතයන්, දෙවියන්, මලගිය ආත්ම වල බලයෙන් ශාස්ත්‍ර කියනවා කියලා කියාගන්න අය, දේව අනුහසින් ලෙඩ සුව කරනවා කියන අය, මන්තර බලයෙන් වශී කරන අය, දෙවියන් වහන්සේගේ බලයෙන් ලෙඩ සුව කරනවා කියන පූජකවරුන් ඕන තරම් ලංකාවේ ඉන්නවනේ. ඒ වගේම ඒවා පස්සේ වැටීගෙන ඉන්න අයත් ඕන තරම් ඉන්නවනේ. ඉතින් මේ වගේ අයට අභියෝගයක් තියෙනවා, මං ඉස්සෙල්ල කියපු පොතේ 7වැනි පරිචේදයේ 83වැනි පිටුවේ.ඒ අභියෝගය තමයි,

"කොළඹ 6, පාමංකඩ පටුමගේ, 'තිරුවල්ලා' නිවසේ පදිංචි  ඒබ්‍රහම් ටී. කොවුර් වන මම තමා සතුව යම් ගුප්ත හෝ අද්භූත බලයක් ඇතයි කියන ලෝකයේ ඕනෑම  අයකු එකී බලයන් සැබවින්ම පෙන්නුම් කලොත් ඔහුට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් දීමට සුදානම් බව මෙයින් ප්‍රකාශ කර සිටිමි. මෙම ත්‍යාග දීමනාව මෙවැනි බලයක් ඇති අයකු හමුවන තෙක් හෝ මගේ මරණය තෙක් විවෘතව පවතී.

දේව පුත්‍රයන්,ශුද්ධවන්තයන්, ස්වාමිජීවරුන්, යෝගීන්, මෙන්ම අන් ඕනෙම කෙනෙකු තමා සතුව ඇතැයි කියන  දේව බලයෙන් හෝ මානසික ශක්තින්  මගින්  හෝ පහත දැක්වෙන අද්භූත ජනක දේවලින් එකක් කර පෙන්නුවොත් මේ ත්‍යාගය ලැබිය හැකිය.


1.  සීල් තබා ඇති කවරයක් තුල තිබෙන මුදල් නෝට්ටුවක අංකය කීම .
2.  මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම.
3.  නොපිලිස්සී තත්පර 30ක්  ගිනි මත හිට්ගෙන සිටීම.
4.  මා ඉල්ලන දෙයක් මවා පෙන්වීම.
5.  භෞතික වස්තුවක් මානසික බලයෙන් චලනය කිරීම හෝ මැදින්  නැවීම.
6.  පර චිත්ත විජානන බලයෙන් අනෙකකුගේ සිතිවිලි දැන ගැනීම.
7.  යාඥා, අධ්‍යායත්මක බලය, ලුර්දු ජලය, දේවාශිර්වාද, ශුද්ධ වූ  
අළුආදීක්‍රමයක්මගින් සැත්කමකදී කපා වෙන් කල අතක් හෝ කකුලක් අගලකින් හෝ දික් කරවීම. 
8.  යෝග බලයෙන් අහසේ පාවීම.
9.  යෝග බලයෙන් හෘද ස්පන්දනය මිනිත්තු 5 කට නැවැත්විම.
10.  දිය මත ඇවිදීම.
11.  එකවර දෙපොලක පෙනී සිටිම.
12.  යෝග බලයෙන් හුස්ම ගැනීම විනාඩි 5 කට නැවැත්විම.
13.  භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම
14.  භූතාවේශයක් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කථා කිරීමට හැකියාව  ලබා ගැනීම.
15.  ඡායාරූපයකට නංවීම පිණිස භූතයකු හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම 
16.  ඡායාරූපයකින් අතුරුදහන් වීම.
17.  යතුරු දමා ඇති කාමරයකින් පිටවීම
18.  ද්‍රව්‍යක බර වැඩි කිරීම .
19.  සැගවූ දෙයක් සොයා ගැනීම.
20.  ජලය පැට්‍රොල් හෝ වයින් බවට පත් කිරීම.
21.  වයින් රුධිරය බවට පත් කිරීම.
22.  දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි  නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
       (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

යාලුවනේ මට නම්  තෑගි දෙන්න වත්කමක් නෑ. තාම දුප්පත්නේ. හැබැයි මට විශ්වාසෙන් කියන්න පුළුවන් කිසිම ගුප්ත හෝ දේව බලයකින් මේවා කරන්න බෑ කියල. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අභියෝගේ බාරගන්න. එහෙම අය මෙතන Comment ක් විදිහට අභියෝගේ භාර ගත්ත බව දල යන්න. ඔයාලව contact  කර ගන්න විදිහකුත් කියන්න. නැත්තන් මට mail කරන්න vdartsstudio@gmail.com. මට  විශ්වාසයි ඔය බොරු කාරයෝ කවුරුත් මේක බාර ගන්නේ නෑ.  

 
       
 

Thursday, January 19, 2012

FB Videos බාගන්න ලේසිම ක්‍රමයක්


                                                                               ඔයාලා හමෝම දන්නවනේ FB 1න් Video බාන්න ගියාම මාර කට්ටක් කන්න ඕන කියල. ඉතින් මන් අද දෙන්න යන්නේ ලේසියෙන්ම FB Videos  බාන්න පුළුවන් පොඩි Softwere කෑල්ලක්.මේක Softwere 1ක් කියුවට පොඩි App 1ක්. (මෙන්න එයාලගේ Fan Page 1. ගිහින් බලන්නකෝ)
                               
 


Chorome වලටනම් මෙතනින් බාගන්න

අනිත් ඒවටනම් බාගන්න වෙන්නේ Fan Page 1න්ම තමා. ඒකටත් ක්‍රමේ කියල දෙන්නම්කෝ.
             මේ page 1ට ගිහින් Download Link For කියන තැනින් ඔයාගෙ Browser 1ට අදාල ඇප් 1 ගන්න.(මෙන්න Link 1)


Video 1  බාගන්නේ මෙහෙම්යි.

ඕන කරන video ගිහින් 1ට Page 1 Reload (Refresh)  කරන්න.
ඊට පස්සේ එන page 1ඒ Download කර ගන්න Link 1ක් තියෙනවා.

ඔන්න මන් ගියා. හොඳයි කියලා හිතෙනවනම්  Comment 1k දාලා යන්න අමතක කරන්න එපා යළුවනේ

Wednesday, January 18, 2012

ඔන්න INTRENET Strike කරන්න පටන් අරගෙන

යාලුවනේ මේක මගේ Blog 1ක් නම් නෙවෙයි. මේක අයිති ප්‍රවීන්ට. ඒත් අපි හැමෝටම මේක වැදගත් නිසා මන් මගේ Blog 1ත් පල කරනවා. මන් ඒකට අවසර ගත්තා එයගෙන්. කියවල බලන්නකෝ මෙත ඉඳන් එයගෙ Blog1

බස් STRIKE නෙමෙයි! INTERNET STRIKE!

ඔයාල අද දැක්කද දන්නේ නෑ… මට නම් අද ඉන්ටනෙට් එක එපා වෙලා තියෙන්නේ… අද හුඟක් sites black කරලා!
මේ වගේ sites 13,000ක් විතර මේ විදියට black වෙලා… තේරෙන සිංහලෙන් කිව්වොත් එයාල strike කරලා! මේකට හේතුව ඇමරිකන් සෙනට් සභාගත වෙච්ච පනත් 2ක්. ඒවා PIPA සහ SOPA කියල හඳුන්වනවා. මේ පනත් ඉදිරිපත් කරන්න ඇමරිකාවට බල කරේ, අද තාක්ෂණික ලෝකේ බලවත්ම සමාගම් කිහිපයක්.
  • මොකද්ද මේ PIPA සහ SOPA?PIPA (Protect IP Act) කියන්නේ 2011 දී සෙනට් සභාවට ආපු පනතක්. SOPA (Stop Online Piracy Act) කියන්නේත් 2011 දී සෙනට් සභාවට ආපු පනතක්. මේ පනත් දෙකම දෙය්යන්ගේ ෆිහිටෙන් තාම සම්මත වෙලා නෑ.
දැන් මේකයි සීන් එක…
  • ඔයාල බොහොම දෙනෙක් internet එකෙන් එක එක ඒවා බානොනේ.. ඔයාලට piratebay, torrents වගේ sites වලින්, සමහර මිනිස්සු සල්ලි දීල ගන්න softwares, games වගේ ඒවා FREE අරගන්නවා නේ… ඉතින් මේ පනත ගෙන්න ප්‍රධානම හේතුව තමා ඕක…
  • මේ පනත පස්සේ ඉන්නේ Apple, Microsoft, Adobe, Intel, Corel, Dell වගේ සමාගම්. දැන් එයාල කියන්නේ එයාලගේ softwares වගේ ඒවා FREE දෙන එක නවත්තන්න ඕනේ කියල.
  • මේක දැනගත්තම ඔයාලට ටිකක් රත් වුනාට සාධාරණව සිද්ධිය දිහා බැලුවම ඒ මිනිස්සු කියන කතාවෙත් අත්තක් තියෙනෝ. හිතන්න… ඔයා ගෙදරට වෙලා, වෙලාව කාගෙන, එක දිගට, මැරීගෙන ගති software එකක් හදනව. ඔය ඒක හොඳ price එකකට විකුනන්න ඕනේ. ඒත් ඔයාගෙන් ඒක ගත්ත කෙනෙක් ඒක අරගෙන ගිහින් internet එකේ මිලියන ගානක් මිනිස්සුන්ට FREE ගන්න දුන්නට පස්සේ, ඔයගෙන්ම ඒක සල්ලි දීලම ගන්න එන පිරිස අඩු වෙනවා නේද?
    දැන් කාටද අලාභ? කාටද දුක?

කොහොම හරි දැන් පනත සම්මත වුනොත් ඔයාල මෙච්චර කල් ආතල් එකේ හිටපු internet එක, මට අද එපා වුනා වගේම හැමදාටමත් එපාම වේවි.
Apple, Microsoft ඇතුළු ප්‍රධාන සමාගම් 23ක් මේකට support කරනවා.
Wikipedia, WordPress, Google, Facebook, Sibertron, Mozilla, Twitter ඇතුළු sites විශාල ප්‍රමාණයක් මේකට එරෙහි වෙලා ඉන්නේ.
ඔයාට internet freedom ඒක නැති වෙයි.
  • ඔයාට සින්දුවක් කියල record කරලා YouTube දාන්න බැරි වෙයි. Copyright Claims වලට ඔයාට දඩ ගහයි.
  • දහස් ගණන් බ්ලොග් තහනම් කරයි.
  • අඩුම තරමේ සමාගමක logo එකක්වත් post කරත් දඩ ගහයි.
  • Facebook, Twitter, Mediafire, 4shared හොයාගන්න බැරිවෙයි.
හිතන්නවත් පුලුවන්ද මේ වගේ internet එකක් ගැන???
කෙසේ වෙතත්… ඔයාලට හිතෙයි, “මුට පිස්සු. ඇමෙරිකාවේ වෙන මගුලකින් අපිට මොනා වෙන්න ද?” කියල… හැබැයි යාලුවනේ.., FB, YouTube, එහෙ තහනම් කරොත් මෙහෙට අමුතු Fb, YouTube, එකක් එන්නේ නෑ… සොරි ම තමා!
අනිත් හැමෝම මේකට support කරද්දී අපිත් මෙහෙම නිකන් ඉන්නේ නැතුව ගිහින් support එකක් දෙමු. මේක ලෝකේ ලොකුම අන්තර්ජාල විරෝධතාවයි!

මේකට ගිහින් ඔයාගේ e-mail ඒක දාල ‘sign the petition’ button ඒක click කරන්න. 

දන්නැති අය දැනුවත් කරන්න අමතක කරන්න එපා… බොහොම ස්තුතියි මගේ post ඒක බැලුවට…

KOLAVERI (කොලවෙරි)

                                              මේ දවස් වල ලංකාවේ ජනප්‍රියම සින්දුව හොයන්න මන් පොඩි serch පාරක් දැම්මා. ඉතින් මට හම්බවුන සින්දුව තමා කොලවෙරි.(මෙතනින් ඒක බලල ඉන්නකෝ)
                                              මේක කියන්නේ  ධනුෂ්. එයා දකුනු ඉන්දියනු නලුවෙක්.(මෙන්න එයගෙ FB Page 1 ).මේ අවුරුද්දේ එන්න් තියෙන දමිළ චිත්‍රපටියක තමා මේ සින්දුව තියෙන්නෙ. film 1ඒ නම Three (ත්‍රී) (ඒකත් මෙතනින් බලන්නකෝ) Tamilish වලින් කියන මේ සින්දුවට තනු නිර්මාණය කලේ අනිරුද් රවිචන්ද්‍ර. (මෙන්න එයගේ FB PAge 1)
                                              මේ සින්දුව female version 1 කියන්නේ ගිග්ඩෑඩ් කියන සංගීත කණ්ඩායම.(මෙන්න ඒක). ඉන්දියානු ගායක සෝනු නිගම් ගේ චූටි පුතාත් මෙ සින්දුව කියනවා. (ඒකත් බලල ඉන්නකෝ).              
                                           
                                              කොලවෙරි copy කරල සිංහල සින්දු හදපුවා ටිකක් මෙතනින් බලන්නකෝ. එවා කොච්චර දුරට සාර්ථකද අසාර්ථකද කියලා ඔයාලම තීරණය කරන්න.

              මෙන්න link ටික                         
                                        meter song
                                        Tution song
ඉතින් යාලුවනේ comment 1කුත් දාල යන්න අමතක කරන්න එපා හොඳේ

Tuesday, January 17, 2012

My 1st Blog

                          යාලුවනේ මෙක තම්යි මගේ පලවෙනි Blog 1. මීට කලින් අසාර්ථක website 1ක් කරලා හොඳටම චාටර් උනා.(ඒක මෙතනින් බලන්නකෝ) .
                          ඉතින් ඊට පස්සෙ තමා මගේ යලුවෙක් කියපු නිසා මන් blog1ක් පටන් ගන්න හිතුවේ.ඒ යලුවගෙ නම තම්යි ප්‍රවීන් චන්දිමාල්(එයා ගේ විස්තර මෙතනින් බලා ගන්නකෝ).
                          ඉතින් යලුවනේ මන් කැමතියි ඔයාලට ඕන දේවල් මගේ blog 1 දාන්න. ඔයාලගෙ අදහස් මට එවන්න. comment 1කුත් දාල යන්න හොඳේ.